ලාල් හෑගොඩ  

2024 ඔක්තෝබර් කලාපය

වන වදුලේ මිහිරි මොහොතක්

දහසක් පත් මැද
වන වදුලේ
මිහිරිතාවයන් අතරේ
පළල් උරතලයක් හිමි
ගැඹුරු හරිතවන් පතක් විය

ඒ පත ඇලුම් කළා රැයට
රැය හා එළඹෙන
සොඳුරුතාවයන්ට

කුරුලු කිචි බිචිය තුනීවී
උදාවන සාමයේ
නිහඬතාවය ට

කඩුපුල් සුවඳට
හිමිදිරියේ පිණි වැටෙන
රිද්මයට

පින්න ඝන වී
සියොළඟ පුරා
දිය බිඳු මතු වී
දැනුණු කිතියට

අසල්වාසි
දිය බිඳු දෙකක්
පෙමින් බැඳී සිට
දිගු මොහොතක්
සමීප වී සමීප වී
එක් වරම එක් වී
මතුපිට ගලා යන
ස්පර්ශයේ මෝහනයට

දිවිය මෙතරම්
මිහිරි වෙද

Photo credit ; Jessica Wong
View Poem