මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

2024 ඔක්තෝබර් කලාපය

කුමටද?

කැඩී කඩතොලු නැතිම ලස්සන
පිපී කුසුමක් විලස දිස්වෙන
රිදී රහසෙම කඳුළු වස්සන
තිබී කූමටද හිතක් හිස්වුන

විදා තරු ඇස් කළුම අහසක
බෙදා දුන්නත් එළිය විඳ දුක
සදා පසසන තැනක පුරවක
බදා කුමටද කරනු අමතක

බලා අවසර පෙමින් සිඹ හිස
පලා නොයමින් දෙතත් සිසිලස
කියා තිබුනම සයුරෙ ගුණ රස
නිවා කුමටද ගඟත් සරතැස

Photo credit; Jeena Paradies
View Poem