ලතා ද සිල්වා නවසීලන්තය

2024 ඔක්තෝබර් කලාපය

සොරුන්ගෙන් මිදෙන්නෙමු

සැත්තෑ සය වසක් - පිරුවා පාරමී
නිදහසක් දකින්නට - සොරුන් කැල පන්නලා
දැන් කල එළඹ ඇත - සොයුරිනි සොයුරනි
මදහසෙන් පුරා මුව - යමු අත්වැල් බැඳන්

දිනුවේ එක කඩ ඉමයි - තව එකක් ලඟින් ඇත
මලිමාවම බලා - දෙන්න කතිරය ඔබේ
එවිට හැක හිනැහෙන්න - ලක් මෑනිට අපේ
මුදා ගත් බව කියා - සොරු රැලෙන් ලංකාව

හදමු පොහොසත් රටක් - ලස්සනම ජිවිතයක්
පෙළ ගැසෙමු එකා මෙන් - දකින්නට සොඳුරු ලොව
වට කරන මුළුරටම - දුක සැපත් බෙදාගෙන
විඳගන්න ආදරෙන් - ජය ලැබුවා කියා


නවසීලන්තය
28සැප්තැම්බර් 2024
View Poem