වෛද්‍ය ගාමිණී මද්දුමගේ

2024 ඔක්තෝබර් කලාපය

ඒ මම ද???

ජංගියක් ඇඳ ගත්තු..
පුංචි කොලුවෙක් ඇවිත්.
මේ කාලෙ කව් රුවත්..
අඳින්නෙත් නෑ එව්වා.

හෝඩියේ පංතියට..
සමාවෙනු මැනවි මට.
දැන් ඒක එක වසර.
කිව්වෙ පෙර පුරුද්දට .

***************************-

පුංව් නිල් ඉරි තියෙන ..
ඉස්කූල් ටයි පටිය.
සුදු කමීසයෙන් නිල්..
පාට කලිසමෙක් ඇඳි.

කළු මේස් ..සපත්තුව..
පැළඳ ගෙන එහි සිටින.
මා පුතුන් දෙස බලයි.
ඒක රැවුමක් නෙවෙයි.

**************************



ගල්ලෑල්ලකුයි එක අච්චු පොතකුත් අරන්...
සුදු මැකුණු කමිසයෙන්..
දෙපාවල නෑ වහන්.

වාඩිවෙල සිටිය පෙර..
පුංචි බංකුව හොයයි.
ඔය කව්ද අහන්නා..
සේ පුතා දෙස බලයි.

********************************

විදුලි කෙටුවා වගේ..
රූපය ක් සිත ඇඳුණි.
වසර තිස් පහක පෙර...
මතකයට මා යැවුණි.

පුංචි ඉස්කෝලේ ක...
පළමුවෙනි දවස ළඟ.
නතර විය මහලු සිත.
ඒ මමයි. ඒ මමයි.

මහා දුර ඇවිල්ලා..
වෙහෙසින්‍ ය මගේ ගත.
අර පුංව් එකාගේ ..
නිදහසව තිබෙයි වත.

අඳුනන්න බැරි තරම්..
වෙනස්කම් ගොඩක් යට.
මතක් කළ නමුත් තතු..
වැඩි දුරට මතක නැත.

******************************


වෛද්‍ය නිලධාරී .
බන්ධනාගාර වෛද්‍ය ඒකකය .
බදුල්ල .
2024.09.28
View Poem