කේ.පී.එස් සචින්ත්‍රා හෝමාගම

2024 ඔක්තෝබර් කලාපය

ඉඩදෙන්න

හිනැහෙනා මල් පොකුරු
සිඹ - සුවඳ විඳගන්න
පියඹනා සමනල්ලු
පසුපස්සෙ දුවගන්න
දියඇල්ලෙ සිරිය දැක
දිය සිසිලෙ කිමිදෙන්න
දරුවන්ට නිදහසේ
පිබිදෙන්න ඉඩදෙන්න

වහුපැටවු අත ගගා
මුවට තණ පත් දෙන්න
පොද වැස්සෙ තෙමි තෙමී
නට නටා හිනැහෙන්න
හඳ මාම අමතලා
කිරි පැණිත් ඉල්ලන්න
දරුවන්ට හැමදාම
සැනසෙන්න ඉඩදෙන්න

විහඟුන්ගෙ කිචිබිචියෙ
රස මියැසි අහගන්න
තුරුවැල්හි පහස ලැබ
ඵල මිහිර විඳගන්න
වෙල්දෙණියෙ කෙළිදෙලට
ඉබියතුරු නොදමන්න
උදුරගත් ලොව යළිත්
දරුවන්ට පවරන්න

( ලෝක ළමා දිනය වෙනුවෙනි )


පාඨශාලාචාරිණී ,
හෝමාගම ම.ම.වි,
හෝමාගම .
View Poem