අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

2024 ඔක්තෝබර් කලාපය

හැමෝගෙම යුතුකමක් කරන එක එකට සිට

කාලයක සිටම රට බලන් හිටියේ වෙනස
සතුටුවෙමි ලැබුනොතිත් අළුත් බලයෙන් ගිවිස
වෙනස්වන ලෝකයේ නොගියොතින් නිසි විලස
ආයෙමත් ආයෙමත් එන්නෙ නෑ ඒ දවස

දිගුම දිග දැක්ම ඇති විනිවිදින ක්‍රමවලට
ඕනමයි යන්නටම සැවොම සිට එක පෙලට
නිදියගෙන බලාගෙන නොසිට කරවන ලෙසට
හැමෝගෙම යුතුකමක් කරන එක එකට සිට

ජාති කුල මල බෙදී හිටි යුගය අවසන්ය
ගුණය, සමගිය එක්ක මහන්සිය ඕනමය
ලෝකයට ගැලපෙන්න දැනුම ඇතිවම සවිය
ලෝකයේ මුතු ඇටය මතුවෙන්න ඕනමය
View Poem