චමරි වික්‍රමසිංහ පිලියන්දල

2024 ඔක්තෝබර් කලාපය

හැලුනු කවි...........

නිදි ගැට කැඩුවෙමි දෑස් ලඟ කවි
පා තියූ පොලව ඔව් එතනත් කවි
ඔහෝ රාත්‍රියේ බිම වැටුනු කවි
ඔසවා තැබුවෙමි මේසය මතින් ඒ කවි

කුස්සියෙත් කවි
නාන කාමරෙත් කවි
දෑස් පිසදා බැලූ විට
මෙන්න ඉඟ නෙරියේත් කවි

පොඩි දූ සිනාසෙනු දුටුවෙමි
කවක් ඉඟි පානු දුටුවෙමි
ඇය පසු පසම
කව ගියාදැයි නොදනිමි

ඔපීසියේ මේසය පුරා කවි
තේ කෝප්පය පිරී එතනත් කවි
බත් පතෙත් කවි
අනේ මෙහෙමත් කවි.

ලියන විට වැටුනු කවි
හිතුනු අමතක වුනු කවි
ලියා ගන්නට බැරි වුනු කවි
මෙහෙම හැම තැනම කවි.
View Poem