විශේෂඥ වෛද්‍ය උදාර කුලරත්න එක්සත් රාජධානිය

2024 ඔක්තෝබර් කලාපය

රටක පොහොසත්

පෝලිම නොපනිනා
අනෙකුට පාර ඉඩදෙනා
දියුනුයි ඒ දනා
පිදිය යුත්තන් පමනි පුදනා

සර් නම් ගුරුතුමෙකී
ස්වාමී විනිසුරු වරයෙකී
අතිගරු පැවිද්දෙකී
ඇමතුමේ උන් බේද නොදකී

නොයා කාටත් කඩේ
දෑ සම නොකර දෙකඩේ
කිරිබත් සහ වඩේ
දෙකම රසදත් හලයි අවැඩේ

ඇමති පුතු බීමත්
‍රිය යටකරන දනටත්
යුක්තිය ඉටුවුනොත්
කාකි ඇදුම ද වේවි වැදගත්

පැමිනෙන රෝගියා
තම මව්පියන්, සීයා
මෙන්ම සුවවේයා
පතනු ජීවක පරපුරේයා

ආයෝජන ගලා
ෆොක්ස්වාගන් ද ටෙස්ලා
එනතුරු මගබලා
නොසිට මැලිකම් අගති දුරලා

සතියට හැටක් වත්
වෙහෙසී පැය ගෙවූවොත්
‍රජුම නොකෙරූවත්
හිරු උදාවේ රටක පොහොසත්
View Poem