කාංචනා පෙරේරා කපුගේ කොළඹ

2024 ඔක්තෝබර් කලාපය

බිඳුණු ගැහැණු

රැවටුවත් දිවිපුරා
උන් නමින් පේවූ
ලොවේ තව කොහේ ඇද්ද
මේ වගේ ගැහැණූ...

තැනු දෙවොලම ගිනි ගනිද්දිත්
නිවා ලන්නට සැලස්සු
දැවුණු හදවත් වැරෙන් අල්ලා ලොවට රහසින් වහංවූ ....

එලොව මෙලොවද දෙකම පැටලී
දෙපා පැකිළුණු ජීවිතේ
දෙලොව මැද අතරමංවී ඇති
මල අහිංසකම ගැහැණූ....

තමන් රැවටු තමන් පෙලවූ
සියල් අභිමුව සමාදුන්
යුතුකමම මිස හිමිකමක් නම්
කිසිමදවසක නොඉල්ලූ...

ඉදින් සකියනි සිතා බලපන්
තවත් වේවිද යම් දෙයක්
ගැහැණු පෙළනා පිරිමියකු හට
තියේවිද යම් සාපයක්

ඇතොත් මේ ලොව එකම බිඳුවයි අන් කිසිත් නොව මේ තමයි
නිදොස් කතකගෙ ඇහින් වැටෙනා
හැම කඳුලු බිඳුවක සාපයයි....

Photo credit Joshua Rawson-Harris
View Poem