ගමගේ ලයනල්

2024 ඔක්තෝබර් කලාපය

සමනල පාලම යට

හරිත උයන් නිතර සොයා
තුරු වදුලින් නිවන විඩා
අයිස්ක්‍රීම් බීම උරන
ප්‍රේම හැඟුම් සාද තියන
පාට පාට සමනලුන්

එක බංකුවෙ හාදු හැපී
මල් සිතිවිලි සිහින පිපී
කාසි නැතුව එක කුඩයක
ප්‍රේම හැඟුම් සාද තියන
පාට පාට සමනලුන්

සිත නො රිදේ කියන කතා
බැඳි සිත වේ මගුල් නො කා
අරමුණු නැති ඇමණුම් ඇති
ප්‍රේම හැඟුම් සාද තියන
පාට පාට සමනලුන්
View Poem