ශ්‍රියානි උඩගංගොඩ - මහනුවර

2024 ඔක්තෝබර් කලාපය

දැක්ම හා අවබෝධය

දුබල වී වියපත් ව
රැළි වැටුණු ඇස්
සැරිසරන විට හෙමින්
අවට නැත හිස්
හොර හොරෙන් ඉඟිමරා
සිනාසෙන ඇස්
තුළ රැඳුණු නෙක
රහස් වගෙයි සඳරැස්

සගවගෙන නෙක
රහස් පිරි ඇති ඇස්
ලෝකයට සඟවන්න
කරන නෙක වෙස්
දකිමි වියපත් වුවත්
දුබල මගෙ ඇස්
දැකීමක් නොමැති
කල කුමකටද ඇස්....

Photo credit; Danie Franco
View Poem