චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

2024 ඔක්තෝබර් කලාපය

සුන්දරයි කඳුකරය උඩරට

කඳුකරය සුන්දරයි උඩරට

රූ බර නොවේ ඇගෙ වත

දැවී දැඩි හිරු රැසින්

විඩා බර වී ඇත

කහට බැඳි අතැඟිලි

රළුය නිය බිඳී ඇත

රතු වුනේ නම් ඒ

පුපුරා ගැලූ රුහිරෙනි

මඳ හසක් ගෙනෙන්න ට

මුදු සිතුම් නෑ සිතට

ආවොතින් සතුටක්

හවස කුඩයෙ බරට



උර තබා සිටියත්

රටේ ජාතික ධනයට

නැවේ හිස ඇගෙ බිමට

දැනෙන ජීවිත බරට



සිටිය යුතු හවසට

පිටි අනා රොටියට

වැනි වැනි ගෙදර එන

වෙලාවට රාමසාමි ට



බැරි වුනොත් දෙන්නට

දලු සුවඳ ඇඟ පහස

ඉව කරන පමාවට

සම වේ ද ගුටි බැට

කෝවිලේ බෙර පද ට



කඳුකරය සුන්දරයි උඩ රට

තබයි අඩි තාලයට

ගැයෙන ගී රාවයට

ගලා යයි නගරයෙන්

කඳුකරේ උඩරටට



13-06-2021


තේ දළු නෙලන ළඳුන්ගේ

ජීවිතය ගීතයක් මෙන් සුන්දර

නැත .අපට ගීතයේ තාලයට පා

තැබිය හැකි නමුත් ඔවුන්

පා තබන්නේ දුෂ්කර කඳු කර

ලිස්සා යන අඩි පාරවල් දිගේ ය
View Poem