සම්මානී මිහින්තලා ගාළු පුරවරයෙන්

2024 ඔක්තෝබර් කලාපය

මෙහෙමයි

රට දැය සමය වෙත ඇති ආදරය මත
කටයුතු කරමු බැඳි හදකින් අපරිමිත
හෙට වැනි දිනක ආලෝකය දකින නෙත
යට නොකරමින් යමු පාමින් කුළුණු මෙත

වන පෙත තුරු වදුළු රැකදෙන පරිසරය
ගෙන දෙන සතුටහැමවිට කර විවසරය
දනමන පුබුදු කරවන කඳු මනහරය
වෙන සක දැකුම අද හරියට අවහිරය

මදනළ පහස ලැබුනත් සිව් දෙසින් පෙරි
ලද කිසි දෙයක් නැත ඇත වෙන අතක හැරි
විඳ වන කටුක දුක නොපෙනෙන විලස පිරි
අද පසුවන්නේ පොඩි මිනිසුන් නොමැරි මැරි

ගෙවමින් ඉදිරියට යන කල් පරාසය
අවසානයක් නොදකින එක් විසේසය
දවසින් දවස වූවත් එහි පවේසය
කව දාවත්ම නැති නොකරයි විනාසය

Photo credit:Joshua Newton
View Poem