සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

2024 ඔක්තෝබර් කලාපය

සදැල්ලේ තනි වූ මිරිවැඩිය

ලන්ඩන් පුරවරේ මා සිටිනා අතර
සන්සුන් සැදැල්ලකි ඇස ගැටෙනා නිතර
වන්හුන් නොදන්නෙමි උන් කාගේ කවර
තනියෙන් සිඟිති මිරිවැඩියකි වැට අතර

ඇසෙයි බොලද බස් මා සවනේ නිතර
දිසෙයි පැටික්කිය කවුලුව නෑ විවර
හඬයි මහ රැයේ වෙනසක් නෑ කවර
රිදෙයි ලය මඩල ඇවිලෙයි හිරි නහර

අවකන් දේශයෙන් මෙහි පැන ආවාද
දුකකින් වැලපෙනා පවුරින් පිටවීද
දහමින් පිරි රටට බර, පැටියෙක් විනිද
නිදුකින් පැන්චියේ රෑ ඇස පියවේද

මකරුන්ගේ රටට හොද වැඩි විද මන්දා
හනුමන් රටෙන් ආවද මසුරන් හන්දා
සිහිනෙන් කෑ ගසා නිසසල රෑ බින්දා
යහනින් බිමට නොවැටෙයි පුටු වට හන්දා

පත් දළු එකින් එක පඩු පෑයට හැරුන
අත් ඔසවා තුරු මඩුලු උනුසුම සොයන
කිත් පැසසුම් නොවේ මිනිසත් බව රකින
සත් කුළු පවුරක් ය, මේ බිම නුඹ රැදුන

ගිම්හානය නිමයි සිසිරය අත ලගය
සන්තාපය පොදි බැදන් ගමරට යා යුතුය
නෙත් මායමේ සරදම් නොවෙනස් හැඩය
සත් මාලයේ මිරිවැඩි මා නෙත් තෙමිය
View Poem