හෙල්මලී ගුණතිලක - ඔස්ට්‍රේලියාව

2024 ඔක්තෝබර් කලාපය

හෙට

හෙට වෙද්දී
අප අළු සහ ඇටකටු පමණකි
වල් පැලෑටිවල මුල්
අප හිස්කබල් අතරින්
රිංගා යනු ඇත


අද, අප
සරල ඇඳුමින්
නිරවුල් මනසින්
පිරුණු කුසින්
ප්‍රාණයෙන් යුතුව
අවධානයෙන් යුතුව
මෙතැන
මේ දැන්


සංගීතයෙන් මත් වූ විට
වයින් වුවමනා කාටද?


එන්න සුහදිනිය
දෙපා ඇති තාක්
අපි නටමු!


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem ‘Tomorrow’ by David Budbill


David Budbill (1940-2016) ඇමෙරිකානු ජාතික සාහිත්‍යකරුවෙකි. ඔහු කෙටිකතා, කාව්‍ය, නාට්‍ය පිටපත්, ළමා කතා ආදී විවිධ වර්ගවල ග්‍රන්ථ පළ කර ඇත.


Photo- Casey Horner on Unsplash
View Poem