සහන් තීක්ෂණ ශ්‍රී ජයවර්ධනපුර සරසවිය

2024 ඔක්තෝබර් කලාපය

පුන්සඳත් නවතිනවා ඩිංගක්

අතෝරක් නැති නැටුම් මැද්දේ
නිවන් යන්නට පාර කියනා
සැදැහැවත් පෙම්වත් සිතක් ළඟ
පුන්සඳත් නවතිනවා ඩිංගක්

පින් බලෙන් වැඩි වුණත් සහසැස්
නටන ගොජ ගොජ ගගා පින්සිත්
තාපයෙන් රත් වූ අසුන මත
හිඳ නොගෙන පා බාම් ගල්වත්

පිඹින ගින්දර මකර සේනා
ලෝල දේ වට්සැප් කරත්
ඉඳුරන්ව දමනය කරන සිත්
ලැබෙන දේ පමණක් බුදිත්

දකින හැම පිළිමෙටම වඳිනා
මහා හඬ දී සාධු කියනා
උපාසක බළලුන් උනත් උන්
හොර හොරෙන් අල්ලනවා මීයන්

අතෝරක් නැති නැටුම් මැද්දේ
නිවන් යන්නට පාර සොයනා
සැදැහැවත් පෙම්වත් සිතක් ළඟ
පුන්සඳත් නවතිනවා ඩිංගක්


ශ්‍රී ජයවර්ධනපුර සරසවිය
View Poem