මනෙත් පතිරණ නීති විද්‍යාලය

2024 ඔක්තෝබර් කලාපය

හිමබර සවසක වනයෙහි නැවතුම

දනිමැයි සිතනෙමි වනපෙත හිමිකරු
තිබුණද මේ ගම ඔහුගේ නිවහන
දකිනට නැත මා මෙහි නැවතුණු වග
හිම පිරි ඔහු සතු වන නරඹන්නට

වනයත් දිය මිදි නදියත් අතරක
වසරේ අඳුරුම සවස්යාමයක
ගොවිපලකුත් ළඟ නැති තැන නැවතුම
වියවුලකැයි මා අසු සිතමින් ඇත

මෙහි යම් වරදක් ඇතිද අසන මෙන්
ඇඟ බැඳි සීනුව සොලවාලයි ඔහු
හමනා සුළඟත් වැටි හිම පියලිත්
පමණකි ඒ හැර නැඟුවේ හඬවල්

ගැඹුරුය අඳුරුය පෙම්බර වනපෙත
එනමුදු රකිනට පොරොන්දු ඇත මට
නින්දට යන්නට පෙර මේ මා හට
යන්නට ඇත ගව් ගණනක් දුර තව
View Poem