ආර්.ඩබ්. චමරි මධුෂාණි කොළඹ

2024 ඔක්තෝබර් කලාපය

විකිණීමට තිබේ !

කිරිගරුඬ වන් සුමුදු අතපය
පිරුණු වටකුරු සියොළඟ
වසා ගත හැකි ඒ අතර ඇති
ලප කැළැල් කළු වේලුණ

සිකිපිලක් වන් නීල වරලස
නිතඹ තෙක් වැටි මනහර
හිසේ වම්පස පහළ ඇති රළු
පැලුම හැක ඉන් වහන්ට

මඳ සුළඟටත් ඉබේ සෙලවෙන
කාන්තිය ඔප්නංවන
දිගැති ලස්සන තෝඩුවට හැකි
පැළුණු කන්බෙර වහන්ට

බලනවුන් දෙවරක් බලන යළි
උවනතේ වන මදහස
යටින් ඇති අතොරක් නොමැති ගිනි
හැකිය සඟවා හිඳින්ට

සැළලිහිණියන් එදා සිට දුටු
නාරි දේහය සුකොමල
වසා සියොළඟ දමා මායම්
සූසැටක් විසිතුරු කොට

පෙරා පෙර පර සිද්ධි ගළපා
මනා සේ පිරියම් කළ
අයිතියක් නැති ගැහැණියක් ඇත
ඉක්මණින් විකිණීමට !!
View Poem