මාවැලි කුමාරී කුලතුංග - මහනුවර

2024 අගෝස්තු කලාපය

අපි නම් ගමේ !

වෙනසක් නොදන්නා නියරක හා දෙවට
ඇලක දොලක පිහිනා නැති අය කුමට
"අපි නම් ගමේ " කියනා උන් නම් එමට
කොල පෙන්නනවාද ගහ දන්නා අපට

වක්කඩ දියෙන් මඩ සෝදාගෙන යසට
සෙවණේ වාඩිලා ගෙන ගස යට දෙමට
බෙදලා කෙසෙල් කොලයට ඇඹුලත් රසට
කාලා නොමැති නම් අඩුවකි ගැමි කමට

පැල් කවි තාලයට රෑ තුන් යම ඇසෙනා
දිය බෙර හඬ ද එයටම නොදෙවෙනි වෙමිනා
විඩාබර වුවද ගත - නෙත් නොපියවෙනා
දැක තියෙනවද ගොවියන් තම පැල රකිනා

නිල් පැහැ සීත දියපිරි කුඹුකේ ලිඳ ට
දිය නා නැති අයෙක් හිමි වේවිද ගමට
ගැමි සුන්දරත්වය කොටු කර පොත පතට
"මම නම් ගමේ" කිව්වම සතුටුද සිතට
View Poem