ලක්විජය සාගර පලන්සූරිය

2024 අගෝස්තු කලාපය

සුභ පණිවිඩ පැදිය......

නැති බැරිකමට සිව් පද ලියවුණු යුගය
කිවිඳුන් දුගීකම ගැන අත්දුටු යුගය
සාගර කුමරගම දුගි කවි කී යුගය
සිරිලක දුප්පත්ය එනුමැන ඒ යුගය

දිලින්දාගෙ නැති බැරිකම ලියු පැදිය
වැරහැලි සමග හිගමන ගැන කී පැදිය
ටයි කෝට් පැලද රට රට ගොස් ඒ යැදිය
කවියක් ලියමු බංකොත් සිරිලක හදිය

නය බර වැඩි වෙලා හිරවී ඇත බෙල්ල
සුභ පණිවිඩය ගැන ඇහුනා කියවිල්ල
කිරි බත් කැවුම් කා ජයටම නැලවිල්ල
නය කන්දක් කල් දැමුවට තැටමිල්ල

හැම දුප්පත්ය නැති බැරිකම රටම වැසී
වේලක් අමතකයි එක් වේලක් පමණ පිසී
දරු රැකුමට වැඩිහිටි හැම මගම නසී
නය ගොඩ ගැන සිතා හැම පනපිටින් නසී

ඇති හැකි පිරිස සුර සැප දිවි ගතකරතී
මැදි ආදායමත් දුප්පත්වී වැඩ වරතී
දෙස්පාළුවෝ අයි.එම්. එෆ්.රැක වරතී
ජනතා සටන් නිර්වින්දන සුව විදිති
View Poem