අනුර හෑගොඩ

2024 අගෝස්තු කලාපය

පිංවතියේ පිං දෙනකොට මටත් ටිකක් දෙන්න

බෝ මළුවේ සඳ එළියේ සමාධියෙන් ඉන්න
නෙතේ වරුණ දිදුලන්නට පහන් වැටට දුන්න
ගිය අත්බවේ පින් මදිවුණි ඔබේ සුරත ගන්න
පිංවතියේ පිං දෙනකොට මටත් ටිකක් දෙන්න

නිවුණු හඬින් පන්සිල් පද බුදුගෙය තුල පිරිලා
දෙනෙතේ මිණි කාන්තියෙන් බිතු සිතුවම් ඔපලා
දැවුණු සඳුන් තෙල් සුවඳට ඔබේ සුවඳ එතිලා
පුද දෙනකොට මල් තියන්න මගේ ගැනත් හිතලා
View Poem