බන්දුල කුරුවිටආරච්චි

2024 අගෝස්තු කලාපය

පින්සරු ඇත්තන්ගේ ගීතය

සාර සදිසි වූ කෝල තෙපුලින් සෙනෙහසට සිත සිර කරන්
සුවහසක් මද මාන සඟවා රැගුම් තුරුලට මා අරන්
ආදරය යන අකුරු අතරේ ජීවිතය වත්තන් කරන්
පාරමී දම් පුරන්නට දුන් කදුළු මහවැලි ගඟ තරන්

පැතුම් ඉවකල වරම් අතරට රැවුම් ගෙරවුම් සෙනෙහසින්
ඉකි බිඳින්නට කදුළු දී ජීවිතය බොඳ කල සන්තොසින්
ඉවසුමේ පෙරුමන් පුරන්නට සවිය දුන් ඉරණම විසින්
ලැබේවා ! ජය සතුට පිරි සොඳුරියක් යලි ඒ අනුහසින්

වදන්නට ඉඩ හසර අහුරා උරුම සුන්කල දරු ගැබේ
නොවටිනා පිය පදවියක් දැක රහස් සඟවමි හද ගැබේ
ලදුන් , බිළිදුන් ගැන කථා ඇති උවම් සරුවට මට තිබේ
පිංකමක කොත පලන්දනවද උපාසක සඳ මැති සබේ
View Poem