කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කේම්බ්‍රිජ්

2024 අගෝස්තු කලාපය

කියපං මචං?

මිතුරා 01

පල්ලිය ලඟ ගුරු ගෙදරට යන පාර
වනමල් පිපී ඇත දෙපසම සරු සාර
මිතුරෙකු වෙසෙයි එහි තනියම විරූ සූර
කවියෙන් පුදමි ඔබ හට මම උපහාර

විරහව පිරුණු උවනට කැදවමින් සිනා
කවුදෝ ඇවිත් හොරහින් හදවතම දිනා
සතුටින් සිටින මිතුරා දැක ගියෙමි පිනා
කියපං මචං කවුරුද? ඒ මිහිරි කෙනා

මිතුරා 02

අන්තර් ජාලයේ ටික්ටොක් ගිය දිනයක්
දුටුවෙමි ලියක් එහි ඇත අමුතුම පිරියක්
ඇය මගෙ වෙන්න සිතමින් පෙම් සිතුවිල්ලක්
මිතුරෙකු ලෙසින් තැබුවෙමි මම පණිවිඩයක්

මිතුරා 01

සංචාර සංසාරයේ හමුවුණු පෙම් යුවළක්
දින දින ගෙවිලා ලංවී ඇත හදට හදක්
ජිවිත වලට එක්වීලා නොතිබි හැඩක්
සුන්දර පෙමට නොවදීවා ඇසක වහක්
View Poem