කපිල කුමාර කාලිංග

2024 ජුලි කලාපය

කෙටි කවි

සුළඟ
----------

සීත සුළඟින්
අවුල් වෙයි
හිස කෙස් මෙන්ම
සිතිවිලි ද
වසාලමි කවුළුව, තදින්.


වෙසඟන
----------------

සැඳෑ වෙසඟන
සැරසී රතු සාරියෙන්
මගේ දොරකඩ
දැවටි දැවටී
ඉඟි මරයි.


තවත් ගමනක්
-------------------------

අහසින් වට
පියාපතක්
කැරකෙමින් අවුත්
වැටී ගං දිය මත
පාව යයි සෙමෙන් .


රතු එළි
-------------

රතු එළි... රතු එළි....රතු එළි
අහස ද
අලෙවි වූ බැව්
සංඥා කරයි.


නිවුන්නු
--------------
දෙරටක වෙසෙන
කිසිදින හමු නොවූ
කවීන් දෙදෙනෙකුගේ
කවි අතර
නිවුන්නු.


24/06/28
View Poem