රංජිත් ද සිල්වා - නවසීලන්තය

2024 ජුලි කලාපය

මධු සමයට යලිත් යන......

මධු සමයට යලිත් යන......
වසර හතලිස් පහක් -ආදරය ගලා ගිය
සුන්දරම කාලයක් -කියලා අපට සිතේ
පිරුනාද මතක නැහැ -පැතුමන් සිහිනවැල්
බාධක දී කැරලි - ජිවිතේ ගඟ මතින්
ජය ගතිමු අපේ ලොව
දියණියන් පැමිණි දා - මැණික් කැට ලෙසින්
සුරැකුවෙමු දිවිපුරා
තවත් ආදර ලොවක - ඔවුන් පිවිසුන විටදී
ඉගිලුනා නව කැදිලි - සදා ගෙන සුව ඉමේ
තනි උනත් අප දෙදෙන - ආදර ලොවේ ඉම
සතුටින් ගයමු අපි - සිතේ රැඳි පෙම් ගීත
මතුවටත් එලෙසම
වසර හතලිස් පහක් ගෙවුන - යුගදිවියේ රස දනවන
මධු සමයට යලිත් යන - නව යුවලක් අපි දෙදෙන

රන්ජිත් සහ ලතා ද සිල්වා
නවසීලන්තය
29ජුනි 2024
View Poem