පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය

2024 ජුලි කලාපය

කර්මය

විලෝපිකයින් ගහන
චණ්ඩ හිරු රැස් සිඹින
කර්කෂ වු භූමියක
ඇස් නැතිව ඉගිළ යන
වවුල් සගයින් කැලක්

නලා හඬ තලන සඳ
වෘන්දයෙන් කම්පිතව
මහේශාක්‍ය ලෝකයක
දුකින් තැවුලින් රඟන
නාගයින් රංචුවක්

ගැඹුරු දිය කඩිත්තක
මවු සමඟ සැරිසැරූ
සුදු හංස පවුලකින්
කල්යත්ම ඉවත ලූ
කලු තාර පැටවියක්

සකපෝරු සංඥාව
සුලැඟිල්ලෙ දරාගෙන
සිනා වින්දනය ලන
අංශක විසිතුනහමාරක් ඇල
ළයාදර වෘත්තයක්....
View Poem