වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය

2024 ජුලි කලාපය

පුරුදු

නුබ ගැබ හිස්ය ඉඳහිට ඇති තරු දකිමී
ඉඹගත් කුරුලු පවුලක සෙනෙහස විඳිමී
රොබරෝසියා ගහමුල මොහොතක් රැඳෙමී
ඔබ කොයි කොතැන වේදෝ තවමත් සිතමී

අතගෙන ඈත ක්ෂිතිජය වෙත පියැඹීම
සුදු පෙණ වෙරළ මත පියසටහන් ලෑම
සිහිනෙන් මිසක් හැබැහින් නොවුනත් තාම
සිහිවෙන මොහොත වුව සොඳුරුයි හැමදාම

නින්දට යනවිටත් ඇහැරෙන විටත් උදේ
මතකෙට ඒම සංසාරෙක පුරුදු පදේ
ඇහැකට නොදැක්කත් කොයි කාලයක් ළඳේ
ළඟකට වී හිඳිමි නොපෙනෙන ලෙසින් හොඳේ
View Poem