ලලනී ගීකියනගේ - රත්නපුර

2024 ජුලි කලාපය

තනිය....

තනුව වැරදුන හැඩම කවියක නැවතුමක් කඳුලින් තියා...!
දිනුව දේ කෙලෙසින් රකින්නද හදවතේ දුක්ගී ගයා....!
පැතුව පැතුමන් මග බලා හිඳ වෙණ තතක සත්සර වයා....
තැනුව මන්දිර කැණිමඬල සුනු විසුනුවී සුළඟේ ගියා..!

සතුට වෙනුවට කඳුළු බිඳු ඇත මතක එනවිට නුඹගෙ ඉඳහිට..!
දුකට සුසුමන් උරුම කරදී සිනා කැන් සඟවලා සිතයට...!
පයට පෑගෙන දූලි පොදවත් නොවී ඈතට ගියා හනිකට.. !
හදට ගෙනදෙන වේදනාවන් රිදුම් දී ඉකි ගසයි තනියට ...!


Photo credit: Joshua Rawson-Harris
View Poem