මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

2024 ජුලි කලාපය

නොලැබීම

හරියටම බලා ඉඳ වසර මුලු හත අටක්
ඉවසගෙන හැකි තරම් බී කඳුළු පිරි ගඟක්
ලෙල්ලටම හින්ද ගෙන ඉතිරි කළ හැම දෙයක්
උස්සගෙන අද ඇවිත් අඩක් මේරුව ගැබක්


රිදුම් දෙන පිට කොන්ද හිමිහිමින් තෙරපමින්
ඇදුම් කන කුස මතට අත තබා තදකරන්
වැදුම් දී අදහනා දෙවියන්ට හද බැතින්
සුසුම් ලන ඒ දෙනෙත දුටිමි වෙව්ළන බියෙන්


වළකමින් නොමේරූ නොදරුවකු පැමිණීම
නවතමින් දෛවයට රිසි පරිදි හැසිරීම
සුරකිමින් ඇගෙ සිහින ලබා දී සැනසීම
කෙලෙස මා කරන්නද කරනු හැර වැළපීම
View Poem