රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය

2024 ජුලි කලාපය

ප්‍රේමාරාධනා !

සඳ පහන් රැයක
බිඳුණු තල් වැට අද්දර
දෑසින් කෙරෙන ආරාධනා
උතුරා ගොසින් ප්‍රේමය
හදේ පා සුපහන්
හැඟුම් පිබිදේ
මළවි කරළියේ
කෙසේ ඉවසම් ද
හිස වසාගත්
සරුවාලේ මෑත් කර
පාන්න මදහස
මහද පුරා ඇවිලෙන
ප්‍රේම ගින්න
තරු එළිය නිවී යන්නට පෙර
View Poem