වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

2024 ජුලි කලාපය

ඕනෑකම

හීන අතහැර ගියපු පාරේ අදත් තනියට සෙවනැලි
මාන බලමින් සොයා යනවා දිනක් හමුවූ සියුමැලි
පූනරින් කඳවුරට දකුණින් තල් ගසක් යට කම්මැලි
වේනාම් කියමින් හැරිල ගිය මට අහිමි වූ හසරැලි

බර වැඩිය ඇකයේ අවිය නැතිවුණා නවතින ඉඩක්
සැර වැඩිය හිතුනාද හද ඇතිවුනිද අනියත බියක්
මුර වැඩය අට්ටාලෙ තල් තනියේම දිනයන් දෙකක්
දුර හිටිය නුඹ වටලගන්නට බැරිවීම තවමත් දුකක්

ඉතිං දැන් රට සාමකාමියි අපිට හැකි නේ නෑකමක්
ඒ හැමට වැඩියෙන් දැනෙනවා තංගච්චි ඕනෑකමක්
උතුරු හුළඟට හූල්ලන හිත අරං ආවම මහ දුරක්
කවුද තියලා නළල මැද්දට රතු පාට සායම් පොදක්

AnA 2024
View Poem