නිරන්ජන් සෙල්වදුරේ - සිඩ්නි - ඔස්ට්‍රේලියාව

2024 ජුලි කලාපය

එකමුතුවේ පැහැයන්

සුදු මිනිසෙක් සටන් වැද,
කලු මිනිසෙක් සමගින්
මග වැටී මැරෙණ සඳ
එකම පාටකි, ගැලූ ලේ කඳ

අබියස ඒ එකම ලෙය
මනු බෙදුම නොරිසිය
හුදු මායාවක් විය
පැහැය, දැය, සමය

කලු සුදු පාට සමගින්
ගෙන ඔබ, මා පැහැයන්
නන් හුයෙන් වියෙන මනරම්
එම සළුව මිනිස් භව​ නම්

සැවොම මව් කිරි බී වැඩෙන
විවිධ ජන කැළ ලොව වෙසෙන
තම දිවි ගෙවා ගමන අවසන
ඒ එකමුතුව යලිත් සමරන

මිනිස් භවේ පරම ගී තනුව
කරුණාව වේවා නිරතුරුව
මිනිස් භවවූ ඒ අනගි සළුව
නන් පැහැයන්හි එකමුතුව
නිරන්ජන් සෙල්වදුරේ
View Poem