බී.පවිත්‍රා අංජලී ලීලාරත්න ආලංකුඩාව

2024 ජුලි කලාපය

ඔප්පුව

ගේ දොර එළි කරලා
තණ කොළ ටික කපලා
සාලේ මාව උජාරුවට තියලා
හත් අවුරුද්දකින් බලපු නැති
දූ පොඩ්ඩ ඉකිත් ගහනවා ඇහුණා

වළලද්දි අඩි හයක් ඇතුළට
පොළොවෙ පස් එක්ක හැපිලා
පනින්නට හැදුවා මගෙ උඩට
හයියෙන් අල්ලපිය කියලා
දුවට කොඳුරාලා

බණ දානේ නෝට්ටුවලට
යස රහට හැඩවෙලා
හුඟක් අයට කන්න බොන්නම
එන්න කියලම තිබුණා

කාමරේ අහුමුළුත් ඇදලා
අල්මාරියේ යතුරු කැරැල්ල
අහුවුණේ නැති හන්දා
බැරිම තැනකදී
අල්මාරියෙ දොරත් කැඩුවා

කෙලී ඉක්මනට බලාපන්
එහාට මෙ⁣හාට කරලා
තියෙනව ද මහ ගෙයි ඔප්පුව
මගේ නමටම ලියලා
View Poem