වජිර ජයවර්ධන

2024 ජුලි කලාපය

උත්තම ආදර පෙරළිය.

ජීවන හුස්ම මත දවටා
පුර හඳම
සින්නකර ම
ලියලා දෙමි
ඔබ සතුට

හිමිකම
හිත් බිමේ අයිතිය
පවරමින
පණ භුක්තිය සමග
තුරුලට ගැන්වුම
ඔබ සතුය

කියා ලියා පැවරූවත්
ළගින් තියා සැනසූවත්
චිත්තක්ෂණයක
හැඟුමක්
ඇති හොඳටම
වෙනස් වෙන්න
එපාම වුන
එක මොහොතක්

Photo credit; Birmingham Museums Trust
View Poem