උපාලි අත්තනායක මහනුවර

2024 ජුලි කලාපය

නොසන්සුන් වූ සිත

සුළග සමගින්
නිමේෂයකින්
සුවඳ දැනුනා
නුඹ ඇවිත්
නුඹ ගියා

අතීතය යලි
ගෙනත් සිහියට
දොම්නසක් වී
නොසන්සුන් සිත
අතරමංවූවා

හඩාවැලපෙන
සතුට ගෙනදෙන
ලෝකයක් නැත
සිතන්නට

හඹායන්නට
අරමුණක් නැත
අත්හරින්නට
හිමිකමක් නැත

සුළග යලි නුඹ
අකීකරු වී
සිත පෙලා
යලි ගියා
View Poem