තුෂාරි ජයසිංහ මහනුවර

2024 ජුලි කලාපය

කඩදාසි ඔරු

සඳ අහිමි වූ අහසෙ තරු ලකුණු කොයින් දෝ
එපා ඉකි බිඳින්න්ට අලුපාට කොබෙයියෝ
අත්තික්කා ගහේ මල් පිපෙන්නේ කවදදෝ
නිසා කත කඳුළු මල් තුහින පිනි ඉසීදෝ

ගඟක් මැද පාවෙනා හබල් හිමි පාරූ
ගඟ දියට පහර දී එතෙර වෙනවාලූ
රුවලකුත් අහිමි ඔරු අතර මැද නැවතී
රිදුම් පිරි මැද ගඟේ හොරෙන් ලත වේලූ

කඩදාසි ඔරුවකට කොයිද හිමි ගඟ දියක්
බොර පාට දිය කඩිති වේය මහ සමුදුරක්
පෙඟි පෙඟී ගිලෙන විට හුස්ම හිර වෙන බවක්
කිසිම දා නොකිව්වේ ඒ වගේ ඔරු ගොඩක්


2024.06.11.
View Poem