වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

2024 ජුලි කලාපය

මල් සුවඳ.......

සුපිපුණ මල් වල පවතියි සුවඳක්
එනමුදු එහි නැත හැමදා මිහිරක්
නොලදත් මල් මෙන් සැනෙකින් සුවඳක්
සුවඳ ලබා ගත හැක හෙට අපටත් .

දිරියෙන් විරියෙන් දැනගෙන සිප්සත
අනාගතය දෙස හරවමු නෙත් යුග
ලස්සන මල් වල සුවඳත් පරයන
සුමිහිරි සුවඳක් එවිට හමනු ඇත.

අත්වැල් බැඳගෙන මිතුරන් විලසට
දැය ගෙන යමු අපි දියුණුවෙ දොර වෙත
විරුවන් විලෙසට එසඳ අපේ නම
සැමදා ලක්බිම සුවඳ කරනු ඇත.
View Poem