සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය

2024 ජුලි කලාපය

පොඩි දඟකාරයා

පොඩි සෙල්ලම් කාර් එකක්
හැම තිස්සෙම අතේ තියෙන
කුනු ගෑවුන අත් පා ඇති
පුංචි එකා දැන් කොතැනද

මේස උඩත් පුටු ඇන්දෙත්
බිම ඉඳලා බිත්ති වලත්
දිගට දුවන ඉරි දෙක දෙක
ඇඳපු සිත්තරා කවුරුද

කාමරයේ කන්නාඩියෙ
ජනේලයේ වීදුරුවල
පුංචි ඇඟිලි සලකුණු වල
අයිතිකාරයා කොහේද

ගේදොර අස්පස් කිරිල්ල
ඉවර නොවෙයි කිසිම දාක
ලස්සන මට නම් පෙනෙන්නෙ
පුංචි එකෙක් ඉන්න ගේක
View Poem