හශාන් සම්පත් සමන්වත්ත

2024 ජුලි කලාපය

බිම්භාව ප්‍රගුණ කළ ඉවසීම

පාරමීදම් පුරා ආ ලෙස සෙනේ වන්තිය වෙලා උන්නේ
ලේන කුලයෙන් ඇරඹි ගමනේ කටුක බව වෙන කවුරු දන්නේ
මහ මෙරක් සේ පැමිණි දුක් ගිනි හිතේ විරියෙනි ඉවස ගන්නේ
අත්හැරීමේ පාඩමයි ඈ බෝසතුන්ටත් කියා දුන්නේ

පැතූ විලසට සඳලු තලයෙහි හිඳිනු දැක ඉවසන්න බැරුව
කල්ප ගානක හදේ රිදුමන් සිරි පතුල් ළඟ කඳුළු කෙරුව
බුදුවනා බව තෙක්ම ඔහු හා ඇවිද එන්නට පෙරුම් පිරුව
පතිනිවන්තිය සැනසුනා පැද ගොසින් අවසන නිවන් ඔරුව

සංසාරේ පුරාවට පසු පසින් ඇවිද
සැනසීමෙ මියැදුනේ කවර නම් භවද
බුදු පදවි ලැබ ගන්න මග එළිය කළෙද
බිම්භාව ප්‍රගුණ කළ ඉවසීම නොවේද
View Poem