මයුරි කොඩිකාර ගම්පහ

2024 ජුලි කලාපය

මට අහිමි මගෙ කවිය...

පිළිලයක් ඔබ මගේ හදවතෙ දුවාපූ
හෙමි හෙමින් මුළු දිවිය නතුකර වෙලාපූ
අනුරතිය මැද සිහින ලෝකය මවාපූ
නොදැනෙන්න මල් කෙමිය රසකර උරාපූ

ලමැද පසුකර ලයෙහි සෙනෙහස පුරෝපූ
දෙතොල මඟහැර නළලෙ හාදුව තබාපූ
කඳුළු බිඳුවල බරක් දෙනෙතට නොදීපූ
රුහිරයයි ඔබ දිවියටම පණ පොවාපූ

අනුප්‍රාසය මැදින් ගැඹුරට කිඳෝපූ
මඟහැරෙන පද එකින් එක ගැන බලාපූ
එළිවැටක් මැද එළිසමය රැක ලියාපූ
කවිය මගෙ වුව කිවිඳු ඔබ එය ගයාපූ

සෙමින් පිරිමැද ගැඹුරු තැන් දැක රිදෝපූ
හිස් මුදුන සිඹ ලංකරන් හිත හදාපූ
තත්පරෙත් නැත දුකක් ඔබ දී විඳෝපූ
රත්තරං මගහැරුනෙ කිම අප පතාපූ


ගම්පහ වතුරුගම
PHOTO CREDIT; Pablo Heimplatz
View Poem