දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

2024 ජුලි කලාපය

උරණ නොවනු මෙය කියවා...!

මුළු සිරුරම චිත්‍ර පොතක්
කරගත් තරුණියක් වෙතේ...
අළු පාටින් නොයෙක් රටා
ඇඳ ඇති පිටෙ ඉඩක් නැතේ...
සළුපිළි ඇඟෙ දැවටුවහොත් ලස්සන එහි නොපෙනි යතේ...
කිළුටක් වන්නට එමඟින්
අවස්ථාව වැඩියි, හිතේ...

දිරණ කයට දෙන දස වධ
දුටුවිට නම් පුදුම හිතේ...
පරණ පච්ච "ටැටූ" නමින්
අලුත් වෙවී ඇවිත් ඇතේ...
දරණ වේදනාව, අධික
මිලට ගන්නෙ ඇයිද පුතේ...
මරණ බයක් එන්නෙ ඒව
ඇලජික් වුන කලදි ගතේ...

විලාසිතා ඇවසි වුනත් අන්තගාමි
නොවන් පුතේ...
කලාව යනු පිනට ලැබෙන දෙයකිය
එහි දෙකක් නැතේ...
වළාව කළු වන තරමට වැටෙන වැසිද දරුණු වෙතේ...
තුලාව සමබර කරගෙන ගමන ගියොත් දිනනු ඇතේ...
View Poem