නයනශාන්ති දිසානායක

2024 ජුලි කලාපය

මිහිමත ට බර වැඩි (නො) වූ හුස්ම..

සසර සරනා සුවඳ මත

පෙමින් වෙලෙනා වු මොහොතක

අනන්තය අත ලඟ ට

වී සලයි පවන්..

නොරිසි රිසි කම් මත

නොගැලපෙන කිසිත් නැති සඳ

මදු සඳ කිකල වෙයි දෝ අමාවක



හුරු සුවඳ උරුවකට ඇදී ගෙන

නිසි නොනිසි කල් නොදැන පූදින

දේශය උතුම් කොට මව් පුදන

කුලයෙන් නොවෙනස් වු ගැබ තුල

ගිමන් හල වී රැඳුන ඉසිඹුව

නොදැන කල සංසාර වරද ගැන

සුසුමින් දැවෙන කල මව් ලැම

සුදු ඇතුන් පැනයාවි සිහිනෙන්



අතැර දා යා නොහී

සෙනේ අයඳුම ම අයදී

සෙමෙන් කුස මෝදු වී

මව්වත් ලැමක් හොයනු රිසිනි



නොගෙනා හෙයින් මිටි කොට මහෝඖෂද

පිය හිස රුදා නැසුමට සුදුසු කල

විරසක වීය පිය පස

නොදී හැර නම් වාසගමකට



කිසා ගෝතමියක් ව පෙම්මා

දරැ පෙම කරින් ගෙන පින්නා

ගෙයින් ගෙට අයැද සම්මා

ඇයට සරණක් වෙනු කවුරු නිම්මා



තනි අතින් තැලූ අත්පුඩි

නිසා විද අපහාස මල් වෙඩි

මනුදම් ගුණ නිමිති කර පොඩි

හුස්මක් මිහිමතට වීය බර වැඩි

Photo credit ; NASA
View Poem