ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ

2024 ජුලි කලාපය

මිනී මලක සාක්ෂිය

මගේ නම
වින්කා රෝසියා
ගෙදරට කියන්නේ
මිනී මල්

යකඩ පීල්ලට පහළ
සිල්පර කොටය යට
පුංචි ඉඩකඩ
ඒ් මගේ පදිංචිය

වෙලාව හතරට ඇති
සීග්‍රගාමී නුවර දුම්රිය
එන වෙලාවයි ඒ්ක

ඇඩුම් මුහුණින් යුතුව
ඈ ආවෙ
සරසවිය පැත්තේ සිට

අතේ තිබුණා පොත්
පුංචි අත්බෑගයක්

අනේ කොහොම කියන්නද
බලන්න මගේ පෙති පුරාම
තැලී පොඩිවී ගිය
ඇගේ සිරුරින් විසිරුණ
පරාජයේ ලේ බින්දු

කුලී වැඩ කර දුක්විඳ
අම්මා පෙවූ කිරි

ගොරබිමේ දුම්රිය යට
යකඩ පීලි අතර
ආදරය රැකගෙන ඉන්න මට
ජීවිතය ගැන තවත් මොනව ද?
View Poem