නීතීඥ නීල් ගුණසේකර - කොළඹ

2024 ජුලි කලාපය

යළිත් ගංවතුර හෙට එන්නේය

ගංවතුර
යළි ඇවිත්
පාලමට උඩින් ගොස්
මෝය කට හමු වේය

සැඩ නැතත්
සැඩ වුණත්
මහ මුහුද
එක වගේ ඉවසාය

කුණු පෙට්ටි
කුණු ඇඳුම්
කුණු මිනී පැමිණේය

දැවුණු හිත්
තැවුණු හිත්
උණු පාන් කන්නේය
ලඟම පාසල අනේ
හොඳම පාසල ලෙසින්
ඉන්නේය

බියර් වලටත් එක්ක
බැනර් වලටත් එක්ක
ආධාර ගන්නේය

යළිත් ගංවතුර හෙට එන්නේය
ඇවිත් පාලම උඩින් යන්නේය

Photo credit ; Kelly Sikkema
View Poem