රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය

2024 ජුනි කලාපය

මිහිඳු හිමියන් යළි වඩිති ගමරට

බුද්ධිය මැන බලා
පිවිතුරු සිතින්
ජම්බුද්වීපය
සහ අවට රටවලට
බුදුදහම
බෙදාදුන්
ඉන්දීය මහාධිරජු
ධර්මාශෝක පුත්
මිහිඳු හිමියන්
පෑරුණු සිත් ඇතිව
යළි වඩිති
ගමරට වූ
ඉන්දියාවට
අසන්නට
ලොකු අයියාගෙන්
(මෝදි)
සිරිලකට අයිති දේ
විදුලිය ,තෙල්, ටෙලිකොම්,වරාය, ගුවන් තොටුපොල)
කුණු කොල්ලයට
මිලට ගන්නේ
ඇයිදැයි අසන්නට....
View Poem