කුමුදි නෙත්තසිංහ මොරටුව

2024 ජුනි කලාපය

ඔබ මා අතැර යන්නේ නම්.......

ඔබ
මා
අතැර යන්නේ නම්,

හදවත අවට
ඒ මොහොතේ
න්‍යෂ්ටික පිපිරීමක්
විය යුතුය..

ෆැරන්හයිට් දහදාහක
උෂ්ණත්වයක
මා දැවි යනු නිසැකය

ඔබේ වචනය
"දැන් ඇති, මේක ඉවරයි"
පණපිටින් මා වාෂ්පීභවනය කර
සැබැවින්ම මිය නොයන,
න්‍යෂ්ටික සෙවනැල්ල ව
තබා ඔබ නොයන්න..

දැනෙන වේදනාව
මොළය හදුනාගැනීමටත්
පෙර
මා මිය යායුතු
බැවිනි..


(පොත් කවර චිත්‍ර නිර්මාණ ශිල්පිනි)
View Poem