ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඇහුම්කන් දීම…!

ඇහුම්කන් දීම…!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා - දෙහිවල
2024-May

දුකකට පත් අයෙක් එම
දුක පවසන්නේ…
හිතකට සහනයක් ලැබ
ගැනුමට වන්නේ…
පවකට සමහරුන් එය
මගහැර යන්නේ…
කනකට යවුල් අනිනව
සේ සිතමින්නේ…

මදකට සිතා බැලුවොත්
වැය වේද මිලක්…
ටිකකට ඇහුම්කන් දුන්නොත්
නොවී ගලක්…
හදකට සතුට ගෙන දීමේ
නැතිද පලක්…
පිනකට ලැබුණ දෙසවනටත්
යාවි කලක්…

ඔය කට යොදා නොකපනු
තවකෙකුට වලක්…
රටකට, වැටුනු, ඒමට නම්
හොඳම කලක්…
සිතකට අපේ ඉඩ දුන්විට
වන්න විලක්…
දිනකට එක බැගින් සුපිපෙයි
සුවඳ මලක්…