ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගාන්ධර්වයා කව්ද

ගාන්ධර්වයා කව්ද

ප්‍රීති පෙරේරා - කොළඹ
2021-May

අසාධාරණය තරඟය
ඔහු තරඟ නොකරන සඳ
අසරණ බව හැඟේ
එනමුත් දිනිය යුතුමය

පරාජය පිළිගෙනද ඔහු
මනාව ඇටවු උගුලක් වෙද
කොටු කරගන්න නිතරඟෙන්
මුව පොව්වෙක් වගේ

ගුරු මුශ්ඨියෙන් තොරව දුන් ශිල්පය
අභ්‍යාස කළෙමි දිවා රෑ දෙකේ
වයමි තාරුණ්‍යයේ රාවය දැන්
සතුටේ ඉමිහිරි නාදය

ඔහු මා දෙස බලමින් වැයුවද
මා ඒ දෑස් දෙස නොබලමි
නුපුරුදුය වෙණ නද අද
සසල වුනිදෝ මසිත

පිය සෙනෙහස නොවෙද මේ නද
මා වෙනුවෙන්ම තැනූවෙද හිටි වන
අසරණ බව හැඟුණිද යළි
අත්හල ⁣නොහැක තරඟය