ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දෙන්නා දෙමහල්ලෝ

දෙන්නා දෙමහල්ලෝ

මහාචාර්ය මනෝරි ගමගේ - හැව්ලොක් ටවුන්
2024-April

ගොරවන අහස අකුණක් පොළවට එව්වා
ඔරවන මුහුණ තරහව හොඳහැටි කිව්වා
නොදොඩන මුවෙහි තතු නෙත මතුපිට ලිව්වා
නොදනිමි කාට කියමිද ඇත්තට මේව්වා

කියවන අකුරු අතරේ වැරදිම දැකලා
ලියවෙන වචන අස්සෙත් ඇදකුද කියලා
යන එන මගදි හමුවෙන නරකම හොයලා
පවසන එකම වැරදියි බැලුවම හිතලා

රිදුනම හිතක් එක එක දේ කියෝගෙන
දැනුනම දුකක් තව තව එය සඟෝගෙන
පුදුමම දෙයක් යන හැටි හැම මැකීගෙන
ඉදුනම බතක් ලිප මත ගිනි දරාගෙන