රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල

2024 අප්‍රේල් කලාපය

වියෝගය.

දිනකට වරක් දුමක් නැගි
පැල්පත තුල
මින් මතු....
සදහටම නිවෙනු ඇත
ඒ පහන් සිල.

පිල් කඩ වාඩිගෙන
මා වවුලන් ගණන් කර කර
කදෝකිමි සෙල්ලම් අතර
සැනසුනු පැටවුන්
යවා නින්දට
අඩ අඳුරේ නිස්කාන්සුවේ
සඳ එලිය උතුරා ගිය නිමේශයන්
නිවා සනසා දාහය
ගත සිත...
ඉතින් මතකයන් පමණය.

අව්වට ගිනියම් ව
වැස්සට තෙමි තෙමී
නොවෙනස්ව දරා ගත්
මහ ගල් පර්වතය
අදහන්න පුළුවන් ද
කඩා වැටුනු බව
කැණිමඬල හිස මතටම!!

පිච්චිලා කරවෙලා
මිටියට තැලෙද්දිත්
කෙඳිරියක් වත් නොනැගි ගල් කැට....
ඔහේ බලාගත් අත බලාගෙන
ඉන්නවා බලාගෙන ඉන්න බෑ තව.

හිත කීරි ගැහුනත්
ඒ දවස
ඈතින් රැව් දෙන
ගල් බෝරේ ... ගල් බෝරේ...
දෝංකාරයට..

ඒ වචනවල
තැවරුණු ගිනි සිසිල
මේ තරම් නම් බරට
දැනුනේ නෑ කවදාවත්
අද වගේ පපුවට.

සමා අවසර හිමියනේ
මතක බණ දෙසුවට
අද නම් එකම බණ පදයක් වත්
මතක නෑ මට!!
View Poem